hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 02, ප.ව. 4:04



පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරු උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ඒ විරෝධතාකරුවන් හා පොලිසිය අතරයි.

එහිදී විරෝධතාවයේ නිරත වූ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල ලබා ඇත.

පාසල් සංවර්ධන නිලධාරින් පන්සියයක පමණ පිරිසක් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.

වසර හතරක පමණ කාලයක් පාසල් වල තමන් ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවද ඔවුන් සඳහන් කළහ.