hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 05, පෙ.ව. 2:31



ජලභීතිකා රෝගය වෙනුවෙන් මිනිසුන්ට ලබාදෙන එන්නතේ හිඟයක් පවතින බැවින් රෝග පාලනයට පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එ.ඩී.කිත්සිරි මහතා පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් ගෘහාශ්‍රිතව ඇති කරන සත්වයින් එන්නත් කර ගන්නා ලෙසයි.

ජලභීතිකාව හේතුවෙන් වසරකට මරණ 25 ක් 30 ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වනවා.

මෙම වසරේ මේ දක්වා ජලභීතිකාව හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 13 ක්.

නිවසේ ඇති කරන සුනඛයින් බළලුන් ඇතුළු සත්වයින්ට ජලබීතිකා එන්නත ලබාදීමෙන් රෝගය පාලනය කර ගත හැකියි.

කෙසේ වෙතත්, රට තළ පවතින ඖෂධ හිඟයත් සමඟ ජලභීතිකා රෝගය ඇති සතෙකු සපා කෑවොත් මිනිසුන්ට ලබා දෙන එන්නත ද මේ වන විට හිඟ වී තිබෙනවා.