hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:00



බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (05) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (06) උදෑසන 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල අද (06) ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් ද පැවතිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: