hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 ජනවාරි 03, පෙ.ව. 12:04



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවල මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: