2024 ජනවාරි 12, පෙ.ව. 12:00
උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේ හා පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවනවා.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:10
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05
10-01-26
10-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25