hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 07, පෙ.ව. 2:58



අද (07) දිනයේදී නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇතිවිය හැකි බවත් සබරගමුව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 08 වනදා වන විට තමිල්නාඩු වෙරල තීරයට ලගා වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එම පද්ධතියේ බලපෑමෙන් අද උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.