2025 ජනවාරි 16, පෙ.ව. 12:00
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි දැක්වෙනවා.
මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:09