hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 05, පෙ.ව. 3:45



නැගෙනහිර සහ ඌව උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.