hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:02



වර්තමාන ආණ්ඩුව එපා වී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටින දිනය වැඩි ඈතක නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“සජබ අර්බුදය පේනවා තමුන්නාන්සෙලාට ඇතුළෙ ඉන්නකොට. මේ දැඩි කළකිරීමක ඉන්නෙ පක්ෂ නායකත්වය ගැන.මාලිමාවෙත් අර්බුද තියෙනවා. ඔවුන් IMF එකේ කොන්දේසිවලට ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක් නෑරම එකඟ වෙනකොට, තමන්ගෙ නායකයො මුද්දර ගහගෙන බොහොම උජාරුවෙන් ඒවා ජනතාවට පෙන්නනකොට ඇත්තටම ඒගොල්ලන්ට හිරිකිතයක් ඇති වෙනවා. ඒ නිසා මාලිමාවත් හෙල්ලිලා තියෙන්නෙ. එන අප්‍රේල් මාසෙ වෙනකොට මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙනකොට ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලා හිටින්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: