2025 අගෝස්‍තු 23, ප.ව. 3:16
මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශේෂ අසනීපයක් නැති බවත් එතුමා සතුටින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,
“එයාට මම හිතන්නේ විශේෂ අසනීපයක් නෑ. බොහොම හොදට ඇවිල්ලා කතා කලා. නෑ ඉතින් එතුමා ඕක ගනන් ගන්නේ නෑ. මට පේන විදිහට. දේශපාලනය කරනවා නම් ඕක උරුමයි. එතුමටත් ඒක උරුමයි. එතුමා ඒකට මුහුණ දෙනවා.
ඇත්තටම කණගාටුයි. දේශපාලන නායකයෝ මෙහෙම පොඩි දේවල් වලට අල්ලලා හිරගෙවල් වල දාන එකනම් වැරදියි කියලා තමයි මම හිතන්නේ.”
2025 අගෝස්‍තු 23, ප.ව. 5:24
2025 අගෝස්‍තු 23, ප.ව. 4:08
2025 අගෝස්‍තු 23, ප.ව. 4:02
2025 අගෝස්‍තු 23, ප.ව. 1:37
2025 අගෝස්‍තු 23, පෙ.ව. 10:48