hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 මැයි 19, ප.ව. 4:44



14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර සිදු කරනු ලබන ජාතික රණවිරු සැමරුම 14 වන වරටත් මෙලෙස පැවැත්වෙයි.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ඒ සඳහා පැමිණියා.

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

එම සජීවි විකාශය පහතින්,