hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:35



අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන දී එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසයි.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2,350ක පුද්ගලයන් 9,448දෙනෙක් පමණ පීඩාවට පත්ව සිටිනවා.‍

ඉන් අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37ක් වාර්තා වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

මෙහිදී මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කර ඇති ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම ද සිදු කෙරෙනවා.

පවුල් 6,967ක පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටු වී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබා දීම යුද හමුදාව විසින් සිදු කරනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: