hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 ජූනි 16, පෙ.ව. 12:04



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටු රැස්වීම ලබන සතියේ පැවැත්වෙන බවයි.

එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා පැවසීය.

හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙනු ලැබුවා.

ඉන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් යෝජනා කර ඇත.

එම වාර්තාව ඊයේ (15) භාරදෙනු ලැබුවේ විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ප්‍රමුඛ කමිටුව විසින් ය.