hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2024 ජූනි 27, පෙ.ව. 11:21



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

රටේ ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ ප්‍රගතිශීලී සාකච්ඡාවක නිරත වූ ජනාධිපතිවරයා මහනුවර නගර සැලැස්ම ද එහිදී මහනාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: