hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02



රටේ ප්‍රශ්න හට ගෙන ඇත්තේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා බවත් කුණු ඇඳුම් ඉවත දමා ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් අඳින ලෙස ජනාධිපති අනුර දිසානායක පවසා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ මුදල් මුද්‍රණය කොට ඇතැයි මාධ්‍ය පැවසූ විට ඇමැති විජිත හේරත් එය ප්‍රතික්ෂේප කළ ද මහ බැංකුව මුල්‍ය ද්‍රවශීලතාව ලබා දීමට කටයුතු කළේ යැයි නිවේදනයක් නිකුත් කළ බවයි, රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

එම සංකල්පය නොදැන මාධ්‍යයට දොස් නැගීම වැරදි බවත් මාලිමාව ප්‍රජාත්ත්‍රවාදී ඇඳුම් ඇඳ ගත්ත ද එය ඇඟට තවම ෆීට් නැති බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ජනතාව සිය කැමැත්ත අනුව සිය නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කරනු ඇතැයි සඳහන් කළ රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුව සුද්ද කිරීමට තමුන් අබාන්ස් එක දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: