2026 පෙබරවාරි 12, පෙ.ව. 10:08
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නගත විදෙස් සංචාරයේදී ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇද්දැයි විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ,
“ස්වාමීනි මේ දෙවන සැකකරු පළමු සැකකරු ට්‍රාන්ස්සිට් එකක් සඳහා පමණක් ලන්ඩනයට යන බව දැනගෙන හිටියේ කියලා ප්‍රකාශ දෙමින් කියලා තියෙනවා. එතකොට පැය 36ක කාලයකට ලක්ෂ 166ක රාජ්‍ය මුදල් ගැනීම සම්බන්ධව ඔහුට පළමු සැකකරුගෙන් විමසීමේ හැකියාව තිබ්බා.
රට බංකොළොත් කියලා නිල වශයෙන් නිවේදනය කරලා තිබ්බ වෙලාවකයි මේ පැය 36ක කාලයකට මේ මුදල මොහු අනුමත කරන්නේ. ස්වාමීනී මොහුට මේ සංචාරය පිළිබඳ පළමු ලියුම ලැබෙන්නේ 2023 සැප්තැම්බර් (01) වැනිදා. මොහු මේ දැන් සරෝජා සිරිසේනගේ ඇඟට ඔක්කොම බැර කරන්න හදනවා.
ස්වාමීනී පළමු සැකකරු රනිල් වික්‍රමසිංහගේ බිරිඳ හා ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා යන අයද මෙම සංචාරයට එක් වෙමින් රාජ්‍ය මුදල් අවභාවිතයක් සිදු කර ඇතිද කියා විමර්ශනයට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට මම උපදෙස් දී තිබෙනවා.
මේ සැකකරු පසුගිය නඩු දිනයේ බන්ධනාගාරගත වූ පසු බන්ධනාගාර බස් එකේ යන්නේ අත්දෙක එකතු කරලා ජයවේවා කියන් මාධ්‍යයට. මොහු ඒ කියන්නේ ඉන්නේ සතුටින්. රක්ෂිත බන්ධනාගාර ගත වූ සැකකාරයෙක් එහෙම හැසිරෙන්නේ කොහොමද.?
මේ සැකකාරයාව හම්බවෙන්න පළමු සැකකරු සහ තවත් අයෙකු බන්ධනාගාරයට ගොස් තිබෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම්න් වීමේ හැකියාව තිඛෙනවා ස්වාමීනි. මොහුට ඇප ලබා දිය යුතු නෑ. ස්වාමීනී සැකකරුට ඇප ලබා දෙනවාට මම විරුද්ධයි.”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනතේ චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සමන් ඒකනායක පෙබරවාරි මස (18) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26