2022 ජූලි 18, ප.ව. 12:41
සිරගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.
ඔහු මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබෙන්නේ නඩු කටයුත්තක් වෙනුවෙන්.
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට සියලු කටයුතු සූදානම් බවට මේවන විට වාර්තා පළවනවා.
මේ අතර ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අදාළ වාර්තා ඉදිරිපත් කරන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක 2021 වසරේ බන්ධනාගාරගත කෙරුණා.
වසර 4ක බරතපළ වැඩ සහිතව ඔහු සිරගත කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළා.
ඒ හේතුවෙන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද අහිමි වුණා.
රන්ජන් රාමනායක මහතා අද අධිකරණයට ගෙන ආ වීඩියෝව පහතින්,
2024 නොවැම්බර් 27, ප.ව. 4:01
2024 නොවැම්බර් 27, ප.ව. 3:41
2024 නොවැම්බර් 27, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 27, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 27, පෙ.ව. 12:06