hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි 11, පෙ.ව. 9:50



නගර සභාවට ගල් රෝල් තුනක් ගැනීමට වාහන අංගන වෙත ගිය විට එහි මිල ලක්ෂ අටේ සිට හය දක්වා අඩු කළ බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

“ගල් රෝල් තුනක් ගන්න තීරණය කළා. එහා පැත්තේ තියෙන වාහන අංගනයකට ගියා. ලක්ෂ අටයි. මාව දැක්ක ගමන් කිව්වා ලක්ෂ හයහමාරකට දෙන්නම් කියලා. වෙනස මේකයි.

අපේ ඉන්නවා සමන්ත කියලා මන්ත්‍රීවරයෙක්. එතුමා ඒක ගන්න ගියාම ලක්ෂ හයට ඒක අඩු කළා. මේකයි වෙනස.

ඇඹුල්ගම තිබ්බා තවත් වාහන ගෙන්වන තැනක්. අපි එතනට ගියා ගල් රෝලක් ගන්න. ලක්ෂ අටයි. මට හයහමාරයි. මන්ත්‍රීවරයා ගන්න ගියාම හයයි. මේ වෙනස බලන්න. විවේචනය කරන්න කලින්.”

නගරාධිපති රංජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: