hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 08, ප.ව. 7:03



මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ  මෙම නව ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් වෙනත් කිසිදු කාලයක  බදු ගෙවීම සම්බන්ධයෙන් මෙතරම් විශේෂ අවධානයක් යොමුකර නොමැති බවත් රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා,

“ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාන්, මිනින්දොරු සේවාවන්  ඔය 14 තුළ තියෙනවා. ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා.”