2026 අප්‍රේල් 03, පෙ.ව. 12:05
ගම්මන්පිල මහතාගේ කෘතියේ තිබෙන සියලුම දේවල්වටල සමගි ජනබලවේගය එකඟ නොවන බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබැ පිරිස ආණ්ඩුව වහාම හෙලිකළ යුතු බවත් සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ සැබැ මහමොළකරු සොයා ගත යුතු බවයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව කියා සිටියේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද ප්‍රකාශ කළා.
“ගම්මන්පිල මහතාගේ කෘතියේ එළිදැක්වීමට විපක්ෂයේ පක්ෂ සියල්ල සම්බන්ධ වුණා.කෙසේ නමුත් ඔහුගේ කෘතියේ තිබෙන සියලුම කරුණු වලට සමගි ජනබලවේගය එකඟ වෙන්නේ නැහැ.පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මීට පෙර සිටි ස්ථාවරයේම අදටත් සිටිනවා.පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික ජනතාව විශාල පිරිසක් අගතියට පත්වුණා.මුස්ලිම් ජනතාව චුදිතයන් බවට පත්වුණා.මෙම වාසිය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තා.ඒ වගේම පාස්කු ප්‍රහාරයට උත්තර සොයන බව කියමින් අනුර දිසානායකත් ජනාධිපති බවට පත් වුණා.මෙම අවස්ථා දෙකේදීම අවාසිය අත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාට.කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු සොයා ගත යුතුයි.එම පුද්ගලයාට හෝ කණ්ඩායම දඩුවම් ලබා දිය යුතුයි.ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලි කරන බව කිව්වත් තවම ඒ බව ප්‍රකාශ කරන්න වර්තමාන ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.ඒ වගේම පාස්කු ප්‍රහාර පිළිබඳව සොයන්න දේශිය විදේශිය විමර්ශකයින් පත් කර මෙම සිද්ධිය පිළිබඳව සොයන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.ඒ වගේම විශේෂ කමිටුවක් පත් කර විශේෂ විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය අදටත් එම ස්ථාවරයේ සිටිනවා.පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ පිරිස වහාම හෙළි කරන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.ගම්මන්පිල මහතාගේ කෘතියේ තිබෙන සියලුම දේවල්වටල සමගි ජනබලවේගය එකඟවෙන්නේ නැහැ.‘‘
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:14
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26