hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:20



පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාම පුවරු දැමීමේ දී ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් සඳහන් කරයි.

ප්‍රාදේශීය සභා පණතේ එය පැහැදිලිය සඳහන්ව ඇති බවද ඔහු පවසයි.

එසේ තිබියදී ප්‍රාදේශීය සභාවට කිසිදු දැනුම්දීමක් නොකර සභාපතිවරයාට නොපවසා මෙම නාම පුවරු දැමීම හරහා ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය වී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මඩකලපුවේ සිදුවීම අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණය ද ඒ බව තහවුර කර ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතර ශානක්‍යන් රාසමාණික්කම් මේ බව කීය.