hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 16, ප.ව. 12:51



“මාව ඉස්පිරිතාලෙන් ගෙනත් ගැරේජ් එකකට දැම්මා. මගෙ ඉනෙන් පහළ පණ නැති වෙලා හිටියෙ. මට එතනම මළ මුත්‍රා පහ උනා. මාව එහෙදි බලා ගත්තෙ ලංකාවෙන් සෞදි අරාබියට වැඩට ගිහිල්ලා හිටිය අයියලා, අක්කලා පිරිසක්. පස්සෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍යයට සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන වලට කිව්වා. එහෙම නොවෙන්න මට එන්න වෙන්නෙ පෙට්ටියෙන්” යැයි සෞදි අරාබියේ සේවයට ගොස් උස ගොඩැල්ලකින් ඇද වැටී ඉනෙන් පහළ කොටස පණ නැතිව අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ රසින්ත ලියනගේ මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

38 හැවිරිදි රසින්ත ලියනගේ නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචි කාර්මික වෘත්තීයේ නියැලී දෙදරු පියෙක්.

ඔහු ඉකුත් 2023 වසරේ මාර්තු මස 12 දින සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් තිබෙනවා.

එහිදී 09/28 දින ඔහු සේවය කළ ආයතනය පිහිටි තට්ටු ගොඩැල්ලි වහළය මත වතුර ටැංකියක් තැබීමට යාමේදී , එයින් ඇද වැටී මෙසේ අනතුරට පත් වී තිබුණා.

“මාව වැටුණට පස්සෙ දමාම් නුවර “කින් පහත් ” රෝහලට ගෙනෙහින් දැම්මා. ඊට පස්සෙ මං වෙනුවෙන් මම සේවය කළ සමාගමේ මුදල් අවසන් වූ පසු මගේ ටිකට් කැපුවා. මාව එම ආයතනයේ “ගැරේජ්” එකකට ගෙනැවිත් දැම්මා.මගේ ඉනෙන් පහළ කොටස පණ නැහැ. ඒ ගැරේජ් එකේ දි මට එතනම මළ පහ පිට උනා. ඊට  පස්සෙ මගේ ” පස්ස පැත්ත ” කුණු උනා. මාව බලා ගන්න, මට බෙහෙත් ටිකක් දෙන්න කවුරුත් හිටියෙ නැහැ. ඒ වෙලාවෙදි තමයි සෞදි අරාබියේ සේවය කරන අපේ ශ්‍රී ලාංකික අයියල, අක්කල පිරිසක් ඇවිත් මට උදව් කළේ .ඒ අතරෙ ඔවුන්  මං ගැන සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය වල  පුවත් පළ කරල තිබුණා.ඒ නිසා අද මේ විදිහට ශ්‍රී ලංකාවට එන්න ලැබුණා” යැයි රසින්ත ලියනගේ ගිලන් රථයේ දිගා වී සිටින අතරතුර පැවසීය .

එහිදී ඔහු මම අවසාන වශයෙන් කියන්නෙ විදේශ රැකියාවකට යනව නම් නීත්‍යානුකූලව, වගකීමෙන් යන්න. මම එහෙම ගිහිල්ලත් මං වෙනුවෙන් කටයුතු කරන්න සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපොහොසත් උනා යැයි ද පැවසුවා.

අනතුරට පත් රසින්ත ලියනගේ අද (16) අලුයම 06.00 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහුගේ බිරිඳ බිසෝ මල්ලිකා සහ ඔවුන්ගේ බාළ දියණිය ඇතුළු තවත් සමීපතම ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

රසින්ත ලියනගේ මහතා විශේෂ ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔහු සේවය කළ සමාගමෙන් වන්දි මුදලක් ලබා ගැනීම සදහා ඔහුට සහාය දක්වන ලෙස ඉල්ලීමක් ද කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: