hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 3:11



ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 2030 වසර වන විට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සම්පූර්ණ කිරීම සදහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6 ක් ස්ථාපිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

අදාළ ව්‍යාපෘති සඳහා රජයේ අවසරයන් ගැනීම, ඉඩම් පවරාගැනීම්, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරිම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ගත වීම්, මූල්‍ය අවශ්‍යතාවයන්, ව්‍යපෘති ඉදිකිරීම් කාලරාමුව වැනි කරුණු අද සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුලං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 දී වර්ෂයේ ජනවාරි මස අවසන් කරන බවත් මෙම ව්‍යපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමද එම සමාගම ඉටු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් ඝෘජුව ජාතික පද්ධතියට සම්බන්ධය වන අතර බැටරි මතින් විදුලිය ගබඩාකිරීම මගින් මෙගාවොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසා දීමට බලාපොරොත්තු වන බවත් එම ව්‍යාපෘති 2024 මාර්තු මස වනවිට ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය, දේශීය ආයෝජනයක් සමුහයක් ලෙස ඉදිර්කිරීම් කරන අතර එම ව්‍යාපෘතිය ද 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සමබන්ධ කිරීමට යෝජිත අතර එය මෙගාවොට් 300ක් දක්වා උත්පාදනය වැඩි කිරීමට සුදුසු ආයෝජකයන් වෙත පිරිනැමීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝර්ස් සමාගම සහ බ්ලු සිර්ක්ල් සමාගම ඒකාබද්ධව සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග සංවර්ධනය කරන අතර එය 2025 වසරේ දී අවසන් කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා පැවසුවේ සොලාර් ෆෝජ් සමාගම මඩකලපුවේ මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග 2025 වසරේ සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩල එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ අදියර දෙකක් යටතේ අවසන් කරන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50 ක් 2025 වසරේදී ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.