hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි 11, පෙ.ව. 12:04



සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය උපයෝගී කරගනිමින් කූඨ ජාවාරමක නිරතවන පිරිසක් පිළිබදව වාර්තා වී තිබෙනවා

එලෙස අනාවරණය වී ඇත්තේ,බාස්මතී සහලට සමාන සහල් වර්ගයක් අඩු මුදලට මෙරටට ආනයනය කර, බාස්මතී සහල් ලෙස වෙළෙඳපොළ තුළ අලෙවිකරණ බවටයි.

බාස්මති සහල් ඕනෑම අවස්ථාවක මෙරටට ආනයනය කළ හැකි අතර, සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 300කට වැඩි බදු මුදලක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙරට තුළ රුපියල් 220ත් 250ත් අතර සීමාව තුළ අලෙවි කළ හැකි බාස්මතී සහල්වලට සමාන සහල් වර්ගයක් මෙලෙස කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක බදු මුදලක් ගෙවා මෙරටට ආනයනය කර වැඩි මිලට අලෙවිකිරීම සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසා සිටියේ,මෙරටට පැමිණෙන සහල් තොගවල සාම්පල පරික්ෂාව සඳහා යොමුකිරිමේදී පමණක් ඒවා බාස්මතී සහල් නොවන බවට හදුනාගැනෙන බවයි.

ඒ, අනුව මේ පිළිබද පියවර ගැනීමට කිසිදු නෛතික බලයක් රේගු දෙපාර්තමේන්තුවට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් බලය පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: