hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 10, ප.ව. 1:16



රිදියගම සෆාරි උද්‍යානයේ ”සිනා” නැමති සිංහ ධේනුව විසින් බිහි කළ සිංහ පැටවුන් දෙදෙනෙකු 10 වනදා සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියා.

අගෝස්තු මස 10 වනදාට ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් 10 වනදා සිට මෙම පැටවුන් දෙදෙනා දවසේ සිමිත කාලයක් මහජන ප්‍රදර්ශනයට තබන බවයි සමරසේකර මහතා කියා සිටියේ.

මෙම පැටවුන් දෙදෙනා බිහි කළ ‘’සිනා’’ සිංහ දෙනුව විසින් අවස්ථා තුනකදී පැටවුන් 9 දෙනෙකු බිහිකර තිබෙනවා.

ඒ අනුව අද වන විට රිදියගම සෆාරි උද්‍යානයේ බිහිව මේ වනවිට ජීවත්ව සිටින සමස්ත  සිංහ පැටවුන් සංඛ්‍යාව 18ක් වෙනවා.

මේ අතර ”ලාරා ” නැමති සිංහ ධේනුව විසින් බිහි කළ පළමු සිංහ පැටවා වන ”ඩෝරා” නමැති සිංහ පැටවා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගැනීමට සමත් වුණා.

එමෙන්ම මෙම සිංහ පැටවුන් දෙදෙනා හට මේ වනතෙක් නම් තැබීමක් කර නොමැති අතර එම සිංහ පැටවුන් හට නම් තැබීමට රිදියගම සෆාරි උද්‍යානයේ ෆේස්බුක් පිටුව මගින් ළමයින්ට අවස්ථාව සලසා දී තිබෙන බවත් හොදම නම් යෝජනා කරන කීපදෙනෙකුට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවද රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියා.