hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 8:50



පසුගිය මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුව ඇති බවත් එම අනතුරුවලින් හේතුවෙන් පුද්ගල මරණ 1,733ක් වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා

අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බවයි.

එමෙන්ම යතුරුපැදිකරුවන් 543ක් මෙම අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.

පොලිසිය රියදුරන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

එමෙන්ම පදිකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන්ද මරණ කිහිපනයක් වාර්තා වී ඇති අතර පදිකයින් වශයෙන් ඔබ මාර්ගය භාවිතයේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ඉල්ලා සිටියා.