hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 9:09



බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම පෙරහැර හෙට (17) සිට එළඹෙන 20 වනද දක්වා කාලසීමාවේදී රාත්‍රී 7.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් ගමන් ආරම්භවී විථී සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව, හෙට සිට එළඹෙන 20 වනදා දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම්දෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,