hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 05, පෙ.ව. 9:45



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් වන නීතිඥ කවීන් ජයසේකර සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන්  මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකරුගෙන් මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැවැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්‍රී පුතාගේ ගෙලට තබා තර්ජනය කර ඇතැයි පොලිසිය පැවසුවා.

අනතුරුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ  සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් තිබෙනවා.

ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරුව හඳුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

මෙම කොල්ලකරු මත්ලෝලියකු බවට පොලිසිය සැක කරනවා.