2025 පෙබරවාරි 25, ප.ව. 1:21
තමා කිසි දිනෙක නම වෙනස් කර නොගත් බවත්, නලින් හේවගේ ඇමතිතුමාට හැකි නම් ප්‍රසිද්ධියේ සිය අත් දෙක ඔසවා දබර ඇඟිළි දෙක පෙන්වන ලෙස අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.
අද (25) පාර්ලිමේන්තුවේදි ඇය මේ බව ප්‍රකාශ කළේ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සිය පියා සම්බන්ධයෙන් සිදු කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.
“ නලින් හේවගේ මන්ත්‍රීතුමා ඔබතුමා ගොඩින් එනවානම් ගොඩින් එන්න, විවාදයකදී කරුණු ඉදිරිපත් කළාම ඒක බිඳින්න ඕන නම් ඒ විදියට එන්න, මං වෙනුවෙන් පෙනී හිටපු විපක්ෂ නායක තුමාට, හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාට, ගරු අගමැතිතුමියට, කෞශල්‍යා මන්ත්‍රීතුමියට, නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට මම ස්තූති වන්ත වෙනවා. මම නම වෙනස් කරගත්තේ නැහැ ගරු කථානායකතුමනි, මෙතන ඇති නම වෙනස් කරගත්ත අය, ඔයගොල්ලන්ගේ ජනාධිපතිතුමාත් නම වෙනස් කරගත්ත කෙනෙක්, අරවින්ද දිසානායක අනුර කුමාර දිසානායක වුණා, ඒවා අපිට අදාළ නැහැ. නලින් හේවගේ ඇමතිතුමා එක දෙයක් කරන්න, ප්‍රසිද්ධියේ තමන්ගේ අත් දෙක උස්සලා දබර ඇඟිලි දෙක පෙන්නන්න. දබර ඇඟිල්ලේ පුරුකක් අඩුවුණේ ඇයි කියන එක මැදවච්චියේ බිංදුසාර මහත්තයාගෙන් අහන්න, දැන් එයා ගුරුවරයෙක්”
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:33
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 13, පෙ.ව. 12:22