2025 මාර්තු 06, පෙ.ව. 10:53
මැතිවරණ වේදිකාවේ ලබාදුන් පොරොන්දු අනුව මෙරට ධීවරයා නගා සිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අබේගුණවර්ධන මහතා පවසා සිටියේ ධීවර ප්‍රජාවගෙන් 80% ක් පමණ ඡන්දය ප්‍රකාශ කළේ වත්මන් රජයට වන බවත්, එලෙස සහාය ලබාදුන්නේ ඉන්ධන මිල අඩු කරන බවට ලබාදුන් පොරොන්දුව මත බවයි.
එහෙත් මාස 06 ක් ගත වී ඇතත් ඉන්ධන මිල අඩුවී නොමැති බව ඊයේ (05) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එලෙස ඉන්ධන මිල අඩු වූයේ නම්, මාළු අඩුවට ලබා ගැනීමේ අවස්ථාව උදාවන බව පැවසු රෝහිත මහතා මේ වන විට මාළුවල මිල ගණන් අසන විට ඇඟේ මාළු නටන බව ප්‍රකාශ කර සිටියා.
මාළු මෙරටට ආනයනය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, තමන් බලයේ සිටි කාලයේ පැවති රජයන් එලෙස මාළු ආනයනය කළ නිසා, දේශීය ආර්ථිකයක් නිර්මාණය කිරීමට හොඳම පිරිස බවට පවසමින් ජනතාව වත්මන් රජයට ඡන්දය ලබාදුන් බව ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ
“අපිව පැරැද්දුවා නෙවෙයි, හෝදලම ඇරියා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට මාව විතරයි ඉතුරු වුනේ”
2025 මාර්තු 06, ප.ව. 3:55
2025 මාර්තු 06, ප.ව. 3:36
2025 මාර්තු 06, ප.ව. 1:07
2025 මාර්තු 06, පෙ.ව. 11:08
2025 මාර්තු 06, පෙ.ව. 12:26