2026 මාර්තු 06, පෙ.ව. 12:29
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව මැදපෙරදිග කලාපයේ සිදුකරන හමුදා ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, දැඩි ලෙස විවේචනය කළා.
ලෝකයේ සෙසු රටවල් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් දැයි ඔහු ප්‍රශ්න කර සිටියා.
ඒ අනුව, ට්‍රම්ප්ට බයේ සිටීමට නොහැකි බවත්, මෙලෙස රටවල්වලට බලහත්කාරයෙන් තර්ජන සිදු කිරීමට ඔහු ගමක සිටින චණ්ඩියෙක්දැයි ගැටලුවක් බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ඉරානයේ පාසල් දරුවන් ඇතුළු අහිංසක ජීවිත දහසකට ආසන්න ප්‍රමාණයක් බිලිගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන මෙම ප්‍රහාර මාලාව මිලේච්ඡ ක්‍රියාවලියක් බව ඔහු සඳහන් කළා.
ඇමෙරිකාවේ බලපෑම්වලට බිය නොවන බව පවසමින් රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අවශ්‍ය නම් අපට එරෙහිව ගත හැකි උපරිම පියවර වන්නේ, උපරිම වශයෙන් අපට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම බවත් එ නිසා ඇමෙරිකාවට යාමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැති බවයි.
“මිලේච්ඡ ක්‍රියාවලියක් මේක . ඕන නම් ට්‍රම්ප්ට අපිට කරන්න පුළුවන් මොකක්ද? අපිට ඕනෙනම් වීසා එක නොදී ඉඳී. මොකද අපි බල්ලෝ අල්ලන්න යනවද ඇමරිකාවේ.ඇමෙරිකන් බල්ලො ද අපිට ඕනේ.අපිට ඕන්නෑ. අපිට හොඳයි අපේ රටේ ජීවත්වෙනවා, සිංහල මුස්ලිම් ද්‍රවිඩ සියලු ජාතීන්“
ඒ අනුව මෙරටට ඇමෙරිකානු සහාය අවශ්‍ය නොවන අතර, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජාතීන් සමඟ සමගියෙන් මව්බිමේ ජීවත් වීම ප්‍රමාණවත් බව ඔහු අවධාරණය කළා.
කෙසේවෙතත් මෙම යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය කුමක්දැයි ප්‍රශ්න කළ අබේගුණවර්ධන මහතා, රජය මෙම ක්‍රියාවන් හෙළා දකින්නේද නැද්ද යන්න කෙලින් ප්‍රකාශ කළ යුතු බව පැවසුවා.
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියා නම් මේ වන විට සභා ගර්භය මැදට පැමිණ සෙන්කෝලය ද රැගෙන යනු ඇති බවත් ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් මැදපෙරදිග සේවය කරන දස ලක්ෂයකට අධික ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල් මේ වන විට දැඩි මරණ බියකින් පසුවන බවත්, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට රජය වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් සමයේදී සිදු කළා මෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
2026 මාර්තු 06, පෙ.ව. 12:16
2026 මාර්තු 06, පෙ.ව. 12:12
2026 මාර්තු 06, පෙ.ව. 12:11
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26