2025 මාර්තු 07, පෙ.ව. 11:36
කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් ආගමට අපහාස වන ලෙස හැසිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අද දින දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටි අතර, එම ක්‍රියාව කිතුනු භක්තිකයන් පූජනීය ලෙස සලකන කුරුසියට අපහාස කිරීමක් ලෙස හඳුන්වා දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කොළඹ අගරදගුරු පදවිය, කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා විසින් අදාළ පාසලේ විදුහල්පති වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.
“ඔබේ පාසලේ දරුවන් කුරුසයක් රැගෙන ඇවිද ගොස් එම වස්තුවට අපහාස වන ආකාරයෙන් හැසිරුණු බව අපට දැනගන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ මුළු කතෝලික රදගුරු සම්මේලනය, සියලුම පූජකවරු සහ කන්‍යා සොහොයුරියෝ මෙම ක්‍රියාවෙන් කම්පනයට පත් වී සිටිති. කිසිවකු කිසිදු ආගමකට අපහාස නොකළ යුතු බව අපි විශ්වාස කරමු. ඔබේ පාසල ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ ක්‍රිස්තියානි පූජකයකු විසින් ආරම්භ කරන ලද බව ඔබ මතක තබාගත යුතුයි,” යැයි ඩයස් පියතුමා සිය ලිපියේ සඳහන් කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ මහා ක්‍රිකට් තරගයට සමගාමීව ‘සයිකල් පැරඩ්’ නමින් සංවිධානය කළ වීදි පෙලපාලියේ අතරතුර ට්‍රක් රථයක ගමන් කරමින් සිටි පාසලේ සිසුන් කිහිප දෙනෙකු කුරුසියක් රැගෙන ගොස් එය අනිසි ලෙස පරිහරණය කරමින් කතෝලික ආගමික සංකේතයකට අපහාස වන ආකාරයෙන් හැසිරී ඇති බව වාර්තා වී තිබුණි.
මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය තුළ දෝෂ දර්ශනයටද ලක්වූ අතර මේ වනවිට පාසලේ විදුහල්පතිවරයාද සමාව ඉල්ලා තිබේ.
2025 මාර්තු 09, පෙ.ව. 12:28
2025 මාර්තු 09, පෙ.ව. 12:27
2025 මාර්තු 09, පෙ.ව. 12:22
2025 මාර්තු 09, පෙ.ව. 12:20
2025 මාර්තු 09, පෙ.ව. 12:11
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
09-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25
08-03-25