hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2025 මැයි 21, පෙ.ව. 12:09



ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ,අනුව දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.

එම යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහන් හුවමාරු කර ගැනීම, ඉගෙනුම් හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රචාරණය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙනු ඇති.

එමෙන්ම මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.