2023 පෙබරවාරි 16, පෙ.ව. 10:43
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර ඊයේ (15) රාත්‍රී කාලයේදී ආරවුලක් ඇති වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එම ආරවුල සිදු වන අවස්ථාවේදී සිදු කළ පහර දීමකින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ සිසුන් 9 දෙනා ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන නේවාසිකව සිටින සිසුන් පිරිසක් සහ එම විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර මෙම ආරවුල හට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.
පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සමනලවැව පොලිස් ස්ථානය වැඩිදුරට විමර්ශන සිදු කරනවා.
2025 අගෝස්තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:08