2026 මාර්තු 28, පෙ.ව. 12:08
තෙල් මිල රුපියල් 5000 දක්වා ඉහළ ගියද, තමන් ජාතික ජන බලවේගය (මාලිමාව) වෙත ලබා දෙන සහය කිසිසේත් අකුළා නොගන්නා බව රාජාංගනේ සද්දාරතන හිමියන් පවසති.
උන්වහන්සේ අවධාරණය කරන්නේ තමන් මාලිමාව සමඟ එක්වූයේ පැවති දූෂිත දේශපාලනය එපා වූ නිසා මිස වෙනත් පෞද්ගලික අරමුණකින් නොවන බවයි.
තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“තෙල් මිල 5000ට ගියත් අපි මාලිමාවට. දූෂිත දේශපාලනය එපා වෙලා තමයි මාලිමාවට ආවේ. ඒ ආවේ යළි හැරෙන්න නෙමෙයි, මුළු හදවතින්ම උදව් කරන්න” යනුවෙන් උන්වහන්සේ පවසා සිටිති.
තමන් දේශපාලනය කරන්නේ ජනාධිපතිවරයා හෝ ඇමතිවරුන් සමඟ “සෙල්ෆි” ගැසීමට හෝ පෞද්ගලික වරදාන ලබා ගැනීමට නොවන බවත්, රජයෙන් ඇල්වතුර වීදුරුවක් පවා බලාපොරොත්තු නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මාලිමාවට සහය දුන්නද, රජය නිසි ලෙස රට ගොඩනැගීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන්ට ද විවේචන එල්ල කරන බව සද්දාරතන හිමියන් පවසති. දූෂිත කණ්ඩායම්වලට යළිත් මේ රට අපායක් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටිති
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:23
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
19-03-26
19-03-26
12-03-26
12-03-26
03-03-26
03-03-26
24-02-26
24-02-26
21-02-26
21-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
02-02-26
02-02-26