hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2026 ජනවාරි 20, පෙ.ව. 12:11



ජනාධිපති අනුර දිසානායක කුප්‍රකට සිල් ප්‍රකාශය සිදුකළේ සිංහල ජනතාව නොව උතුරේ දෙමළ ජනතාව කුපිත කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

සිංහලයන් උතුරට එන්නේ පන්සල් වැඳීමට නොව වෛරය පිරිමසා ගැනීමට හෙයින් නැවත පැමිණියහොත් උන් ගැන බලාගනිල්ලා වැනි අර්ථයකින් එම ප්‍රකාශය සිදුකළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයෙකුට තබා සාමාන්‍ය පුද්ගලයෙකුටවත් ඕමන්ත මුරපොළින් ඔබ්බට යා නොහැකිව පැවති රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා වර්තමාන ජනාධිපතිවරයාට කොට කලිසමක් ඇඳගෙන යාපනේ පාරක පයින් යෑමට හැකි තත්ත්වයක් උදාව ඇතැයි ද සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

තව වසර කිහිපයක් අනුර දිසානායක ජනාධිපති ධුරය දරනු ඇතැයි ද නැවත ජවිපෙ ගෑවුණු අයෙකුටවත් මේ රටේ ජනාධිපති වීමට නොහැකි වනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: