hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය හමුවන යුගයක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව සමත් වී ඇති බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදාහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

”අපි දන්නවා මීට කලිනුත් හැමදාම මේ අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා. මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියනකොට ඒව මැඩලන්න අවශ්‍ය නීතිරීති ගෙනාවා. ඒ වගේම ඒ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා.

නමුත් මීට පෙර මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුනේ, මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනෙන්, හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි. ඒ කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් සෘජු වගකීමට ආණ්ඩුව බැඳෙනවා කියන කාරණයත් ඉතා පැහැදිලියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: