hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:12



රටේ ජනමාධ්‍ය මර්ධනය කළ සියලුම ආණ්ඩුවලට පැවැත්මක් නොතිබූ බවත්, එවැනි ආණ්ඩු ධූර කාලයට පෙර යෑමට සිදුවූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අතරතුරයි.

එහිදී ඔහු කියා සිටියේ, යම්කිසි මාධ්‍යයක් මර්දනය කිරීමට පෙර එම මාධ්‍ය නාලිකාව සමඟ සාකච්ඡාවක් සිදු කළ යුතු බවත්, මෙවැනි මාධ්‍ය මර්දනයකට ආණ්ඩුව පැමිණියහොත් එයට විරුද්ධව ජනතාව සමඟ පාරට බසින බවයි.

වැඩිඩුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ,

“අද වෙනකොට අලුත්ම තත්ත්වය තමයි මාධ්‍ය ජාලයක් මර්ධනය කරන්න පොලිසිය ලවා පැමිණිල්ලක් යවලා තියෙනවා TRC එකට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට. ආණ්ඩුවේම ගෝල බාලයෝ තමයි මේවාවල ඉන්නේ. ඉතින් කතා කරගෙන මේවා පැමිණිල්ල කරලා උත්තරෙත් අරගෙන විභාගත් කරලා මාධ්‍ය මර්ධනය කරන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් ඒක විහිළුවක් කියන එක මතක තියාගන්න. මේ රටේ ජනමාධ්‍ය මර්ධනය කරපු හැම ආණ්ඩුවක්ම ඉක්මනින් ගෙදර ගියා. වැඩිකල් හිටියේ නැහැ. ඉතින් ඒක නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයත්, වර්තමාන ආණ්ඩුවත්,ඒ අයගේ ගෝල බාලයොත් මේක හොඳට මතක තියාගන්න ඕනා. මේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා තියෙනවා. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ අංක 19 වගන්තියේ (UN) එකේ මේක හරි පැහැදිලිවම කියලා තියෙනවා. තොරතුරු දෙන්න පුළුවන්, තොරතුරු ගැනීමේ අයිතියත් තියෙනවා. මේ දෙකම තහවුරු වෙන්න ඕනා. ජනමාධ්‍ය මේකෙ විශාල වැඩ කොටසක් කරනවා. ඊළඟට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එකේ 14(1) වගන්තියේ පැහැදිලිවම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනව, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. ජනමාධ්‍යයෙන් මේක කරන්නේ. ජනතාව තොරතුරු දෙන්නේ. ඉතින් මේ තොරතුරවල වැරැද්දක් තියෙනවා නම් කතාකරන්න. ඒක නියාමනය කරන්න, කතා කරලා ජනමාධ්‍යත් එක්ක ඒවට අවශ්‍ය දේවල් කරන එක වෙනම කාරණයක්. හැබැයි ජනමාධ්‍යය මර්ධනය කරන්න ආණ්ඩුව ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මේ රටේ වෘත්ති‍ය සමිති ව්‍යාපාර විදියට, දේශපාලන පක්ෂ විදියට මේ තත්ත්වයට එරෙහිව අපි පාරට බහින්න ඒක ආණ්ඩුවට වළක්වන්න හම්බ වෙන්නේ නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: