2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:18
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදී තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් අතර මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු නියෝග කළේ, රැදවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, වැඩිදුර විමර්ශන සඳහා දෙවැනි සැකකාර සම්පත් මනම්පේරි යන අය දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසරය ලැබී ඇති බවයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කළේ,
“ස්වාමීනි.. බැකෝ සමන් යන අයගෙන් නවවැනි මාසයේ (21) වැනිදා නැවත ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කළා. එහිදී ගිනි අවියක් සම්බන්ධව තොරතුරු අනාවරණයක් වුණා.
ඒ අනුව මේ සැකකරු සමගම විමර්ශන නිලධාරීන් පැමිණ ජීව අත්බෝම්බයක්, T 56 ගිනි අවියක්, T 56 ගිනි අවි ජීව උණ්ඩ 115ක්, පිස්තෝලයක් සොයා ගන්නවා. ඒ අනුව මෙම සැකකරු ත්‍රස්තවාද වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසර ලැබී තිබෙන්නේ.
මේ වනවිට තවත් ආයුධ, ගිනි අවි ගණනාවක් සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒවා සොයාගත යුතුයි. එමනිසා ස්වාමීනි මෙම සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ භාරයට ගැනීමට කටයුතු කරනවා.
ඉන් අනතුරුව අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට කටයුතු කරනවා. මෙම සැකකරු සම්බන්ධව සිදු කරන සියලු විමර්ශන අදාළ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන්න කටයුතු කරනවා.”
2025 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:03
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 10:00
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:54
2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:17
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
29-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
28-09-25
27-09-25
27-09-25
27-09-25
27-09-25