hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 5:58



නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාසවල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උපතැපැල් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පවසන්නේ එම විදුලි බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත තැපැල් කළ බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වත් සමග තමන් මුහුණ දී සිටින්නේ ඉතා අර්බුදකාරී කාලයක බවත් එදා වේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

“ලයිට් බිල ගෙවා ගන්න බෑ අපිට.. අපේ ලයිට් බිලත් මේ නිශාන්ත මහත්තයාටම ගෙවා ගන්න ආවේ.. මොකද නිශාන්ත මහත්තයා ලක්ෂ ගණන් ගෙවනවා මහින්ද මහත්තයාගේ ලයිට් බිල්.. අපි දුප්පත් අපේ ලයිට් බිල් අපි මේ ගෙවා ගන්න බැරුව, අනේ නිශාන්ත මහත්තයෝ පිං සිද්ධ වේවි මේ අහිංසක දුප්පත් අපගේ ලයිට් බිල් ටික ගෙවලා දෙන්න.. ඔයගොල්ලන්ට බුදු භව ලැබෙනවා.. එදා වේල හම්බ කරන් කන්නේ බොහොම දුක සේ.. තේ වතුවල වැඩ කරලා හම්බවෙන්නේ රුපියල් 1,500යි.. ලයිට් බිල 2000, 3000 අපිට ගෙවා ගන්න ක්‍රමයක් නෑ. වහාම මේ ලයිට් බිල ‌ගෙවා දෙන්න මහත්තයාට බුදු භව ලැබෙනවා..”

“සනත් නිශාන්ත මැතිතුමනි, ඔබතුමා ඊයේ නාමල් මහත්තයාගේ ලයිට් බිල ගෙව්වා.. අපි ඒක ගරු මාධ්‍යයෙන් දැක්කා.. ඒක හින්දා ඔබතුමා මේ අහිංසක ජනතාවගේත් ලයිට් බිල ගෙවලා දෙන්න.. ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා.. ඔබතුමාගේ අම්මයි තාත්තටයි පිං සිද්ධ වෙනවා.. මහින්ද මහත්තයාගේ පුතාගේ ලයිට් බිල ගෙවන්න පුළුවන් නම් ඔබතුමාට අහිංසක ජනතාව වෙනුවෙන් මේකට ඇහුම්කන් දෙන්න.. නාමල් සර්ගේ ලයිට් බිල් ටික ඔබතුමා ගෙව්වා.. ඔබතුමා මේක ගෙවලා දෙන්න.. ඔබතුමා වගේ උතුම් දෙවියෙක් නෑ”