hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, ප.ව. 2:00



කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (12) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුවයි.

ඒ අනුව මෙම සිද්ධියට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතරක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

එමෙන්ම සඳගල පැවති කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ ආරක්ෂාවට යොදවා සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ මුරකරුවන් දෙදෙනාට ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.