hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 11:53



සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණික නිලධාරීන් මේ වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැවෙනවා

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාර්තු 20 වනදා වසා දැමීමට කටයුතු කර තිබුණා.

එය යළි දින 6කින් ආරම්භ කරන බව පසුගිය සිකුරාදා කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.