hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 ජූනි 29, ප.ව. 2:46



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි හදාරන ආර්ථික අපහසුතා ඇති සිසුන් දහසකට හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු රට පුරා දුෂ්කර පිරිවෙන් රාශියක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 1000 කට පමණ ආසන්න ප්‍රමාණයකට අධ්‍යාපන ආධාර ලබා දීමේ වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සංවිධානයෙන් මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහාකරුණා පදනමේ අධ්‍යක්ෂ, ආචාර්ය බූටාවත්තේ ශ්‍රී සරණංකර නායක මා හිමිපාණන්ගේ පූර්ණ මග පෙන්වීම යටතේ මහාකරුණා පදනමේ රු. ලක්ෂ 230කට අධික දායකත්වයකින් ජුනි මස 23 වන ඉරිදා මහරගම අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් සම්බන්ධ වූවා.