2023 මැයි 24, පෙ.ව. 1:07
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව දැඩි උත්සාහයක් දරණ බවත් ජනක රත්නායක මහතාද වංචා චෝදනාවක් තිබෙනවා නම් තමා ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසුවා.
ඒ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“චෝදනා ගැන කතා කෙරුවහම මං හිතන්නේ මේ චෝදනා හදපු මනුස්සයාගේ බුද්ධිය පිළිබඳ ලොකු ලොකු ප්‍රශ්නයක්, විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද පළවෙනි චෝදනාව තියෙන්නේ මේ ජනක රත්නායක මහත්මයා ඒ කොමිසම උනන්දු කෙරෙව්වාලු අභියාචනාධිකරණයේ රිට් ඇප් ආඥාවක් ලබාගන්න. එතකොට අධිකරණයකට යන එක මේ විෂමචාර ක්‍රියාවක්ද? ඉතින් ඒවායේ චෝදනා තමයි කිසිම එකක් වංචාවක් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. වංචාවක් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් තියෙනවා නම් ගම්මන්පිල මහත්මයයි, මමයි එතුමා වෙනුවෙන් නැගී සිටින්නේ නැහැ.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08