2026 අප්‍රේල් 08, පෙ.ව. 12:18
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය සමග සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට දැනුම් දෙයි.
මෙම අවුරුදු උත්සව සමය තුළදී සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය පළදු කරමින් විවිධ වංචනික ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
රාජ්‍ය සේවා සපයන ආයතන දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ සිද්ධීන් පිළිබඳව සැලකිය යුතු තොරතුරු වාර්තා වී ඇති බවද සඳහන් කරයි.
මෙම වංචනිකයන් ව්‍යාජ දීමනා, විශේෂ වට්ටම්, මුදල් ත්‍යාග සහ තෑගි ලබාදෙන බවට පොරොන්දු වෙමින් ආකර්ෂණීය පණිවිඩ කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කරන බවද එම සංසදය සඳහන් කරයි.
ඔවුන් වංචනික සබැඳි (links) බෙදා හරිමින්, එම සබැඳි හරහා මුදල් ගෙවීමට හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට මහජනතාව පොළඹ වන ආකාරය නිරීක්ෂණය වී ඇති බවද එම සංසදය සඳහන් කරයි.
එනිසා බොහෝ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් සෘජුවම මුදල් අහිමි වූ අවස්ථා වාර්තා වී ඇති අතර එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර සිදුකරන අවුරුදු කුමාරි තරග වැනි ක්‍රම යොදාගනිමින් ඡායාරූප ලබා ගෙන ඒවා අවභාවිතා කිරීමේ උත්සහායන් ක්‍රියාත්මක බවද එම සංසදය සඳහන් කරයි.
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:16