2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 8:22
වර්තමානයේ උද්ගත වී ඇති නොයෙකුත් ප්‍රශ්න හමුවේ ආතතියට පත් ව සිටින බව කියමින් තවදුරටත් ගුරු වෘත්තියේ යෙදීමට හැකියාවක් නැතැයි ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු සේවය අතහැර ගොස් ඇතැයි වාර්තා වනවා.
එම ප්‍රසිද්ධ පාසල අයත් වන්නේ හලාවත අධ්‍යාපන කොට්ඨාසයටයි.
මෙයින් එක් ගුරුවරියක් ඉල්ලා අස්වීමේ ලිපිය අදාල විදුහලේ විදුහල්පතිවරයාට ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා.
ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් ගුරුවරිය ගේ සේවය අත්හිටුවා ඇතැයි ද එම විදුහලේ ආරංචි මාර්ග සඳහන් කළා.
අනෙක් ගුරුවරිය ඉල්ලා අස්වෙන බව විදුහල්පතිවරයාට පවසා එම ඉල්ලා අස්වීමේ ලිපිය ලබන පාසල් වාරය ආරම්භ වීමෙන් පසු බාර දෙන බව දැනුම් දීමක් කර ඇතැයිද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36