2023 පෙබරවාරි 06, ප.ව. 1:18
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් සැදුම්ලත් විලේජ් ලංකා සංවිධානයේ සභාපති චන්දන වික්‍රමආරච්චි මහතා ඇතුළු සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සංකල්පයක් මත ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන “අකුරු කරන්නට අත්වැලක්” යන තේමාව යටතේ අධ්‍යාපන සත්කාරක වැඩසටහන 75 වන නිදහස් දිනය යෙදුණු පෙබරවාරි 4 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර-බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිළධාරී වසම් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් ඒකක පාදක කරගනිමින් සිසු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන හෙට්ටිපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණා.
මෙම වැඩසටහනට විලේජ් ලංකා සංවිධානයේ අනුශාසක රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි හා විලේජ් ලංකා සංවිධානයේ ශ්‍රී ලාංකා මෙහෙයුම් ප්‍රධානී ධනුක සිරිනාම මහතා සහ පඬුවස්නුවර-බටහිර ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතා ඇතුළු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ජගත් චන්ද්‍රසිරි මහතා, හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපතිතුමන් යන මහත්වරුන් සහභාගී වුණා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06