hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 11, ප.ව. 5:41



ඉන්ධන අර්බුදය සමග පවතින ගැටලු හමුවේ ගුරුවරුන් සහ පාසල් සිසුන් කොටස් වශයෙන් බෙදා සතියකට දින 3 බැගින් පාසල් වෙත කැඳවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනා කර තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අතර ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම දුර බැහැර ප්‍රදේශවල සිට පාසල් වෙත පැමිණෙන සිසුන්ට ළඟම පිහිටි පාසලට අනුයුක්ත කිරීමට නිකුත් කර ඇති චක්‍ර ලේඛය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.