2024 මැයි 31, පෙ.ව. 10:14
 
            
වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද (31) දිනයෙත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ඊයේ (30) පෙරවරුවේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් පිරිසක් සේවයට වාර්තා නොකළ අතර ඇතැම් ප්‍රදේශවල සිසුන් පාසල් වෙත පැමිණ නැවත හැරී ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
ඔවුන් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා පිලිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ කමිටුවක් පත්කර ඇති පසුබිමකයි.
අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ, කොළඹ ප්‍රදේශයේ පාසල් රැසක ගුරුවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර තිබූ බවත්, එම පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි.
එහෙත් කොළඹින් පිට ඇතැම් ප්‍රදේශවල පාසල්වලට ගුරුවරුන් නොපැමිණීම නිසා අධ්‍යන කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා විය.
එවන් පසුබිමක ඇතැම් දෙමාපියන් පාසල් වෙත පැමිණ දරුවන් යළි නිවෙසට කැඳවා ගෙන යාමටයි කටයුතු කළා.
මේ අතර, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ නියෝජිත පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ, සිය වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථක බවයි.
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව විසින් ක්‍රියාත්මක කළ බව වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25