hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 05, ප.ව. 12:11



ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබෙනවා.

ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම් දී තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් එම පාසල්වල විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්  ජූනි 03 දින නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණා.

මේ අතර, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් අද (05) දිනයේද වසා දමා තිබෙනවා.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ගාල්ල සහ මාතර සියලු පාසල් අද දිනයේත් වසා තැබෙන බවයි.

රත්නපුර කලාපයේ සියලු පාසල් ද අද වසා තබන බව ඊයේ (04) නිවේදනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: